ටී-56 ජීව පතරොම් අටක් සහ එම පුහුණු පතරොම් 15ක් සමග සැකකරුවෙකු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මිනුවන්ගොඩ, අඹගහවත්ත ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී ටී-56 ජීව පතරොම් අටක් හා පුහුණු පතරොම් 15ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු වයස අවුරුදු 53ක් වන අඹගහවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය කියා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













