ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් චීනයේ සංචාරයක නිරතව සිටිනවා.
ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයකට අනුවයි.
එහිදි ටිල්වින් සිල්වා මහතා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
එම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව විශේෂ සාකච්ඡා පවත්වා ඇති බව සදහන්.