සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.
ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇති බවයි වාර්තා වන්නේ.ඳා
2021 වසරේ දී ජනාධිපති කයිස් සයිඩ් ටියුනීසියාවේ බලතල අත්පත් කර ගැනීමෙන් පසු, අදහස් ප්‍රකාශකිරීමේ භාෂණයේ නිදහස සදහා දැඩි සීමා පනවා තිබෙනවා.
ටියුනීසියාවේ මෙවැනි අධිකරණ තීන්දුවක් ලබා දුන් පළමු අවස්ථාව වන්නේද මෙය වීම විශේෂත්වයක්.
මෙලෙස දඬුවම් නියම ව ඇත්තේ 56 හැවිරිදි සාමාන්‍ය කම්කරුවෙක්ට බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු සීමිත අධ්‍යාපනයක් ලැබූ පුරවැසියෙක් බවයි..
ඔහුගේ නීතිඥවරයා පවසා ඇත්තේ, ෆෙස්බුක් සටහන් සම්බන්ධයෙන් නබියුල් උසාවියේ විනිසුරුවරයා තම සේවාදායකයාට මරණ දඬුවම නියම කළ බවයි.
කෙසේ නමුත් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













