රුසියාවට නව සම්බාදක පැනවීමට කටයුතු කරන බවට ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවනවා.
දින 50ක කාලයක් ඇතුලත යුද ගැටුම් අවසන් කිරීමට රුසියාව කටයුතු නොකළ හොත් රුසියාවට නව සම්බාදක පැනවීමට කටයුතු කරන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
ඊයේ ධවල මන්දිරයේ දී නෙටෝ ප්‍රධාන හමුවූ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කළා.
එමෙන්ම යුක්‍රේනයට අවශ්‍ය ඉහළ පෙලේ යුද අවි ලබාදීමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළේ.