ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු හමුවේ ඇමෙරිකාවේ ආනයන පහත වැටී ඇති බව වාර්තා වනවා.
පසුගිය අප්‍රේල් මාසයේදී ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩයන්හි සියයට 20ක පමණ පහළ වැටීමක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙය මාසයක් තුළ සිදුවූ දැවැන්තම ආනයනය පහත වැටීම ලෙසද සැලකෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව රටවල් ඉලක්ක කර ගනිමින් සිදු කළ තීරුබදු ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස ආනයන පහළ වැටී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
2020 සහ 2021 වසරවලට පසු කැනඩාවෙන් හා චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ පහළම අගය ගෙන ඇත්තේ අප්‍රෙල් මාසයේදී බවයි ඇමෙරිකා වාණිජ දෙපාර්තමේන්තුව පවසන්නේ.