රුසියානු තෙල් මිලදී නොගන්නා ලෙසට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා.
ධවල මන්දිරයේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් අමතමින් අමෙරිකානු ජනපතිවරයා මේ බව කියා සිටියා.
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ උත්සාහයට සහයක් වශයෙන් රුසියාවට ආර්ථික පීඩනයක් යෙදීමටයි අමෙරිකාව කටයුතු කර ඇත්තේ.
ඒ අනුව තමන් විසින් කළ ඉල්ලීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟ වූ බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ.