චීනයෙන් ඇමෙරිකාවට සිදුකරන අපනයන සඳහා ලබන පළමුවනදා සිට 100% ක අතිරේක තීරුබදු පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබන ඇමෙරිකා ජනාධිපතිවරයා තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය ඛණිජ වර්ග සඳහා චීනය දැඩි අපනයන පාලනයක් පැනවීම හේතුවෙන් තමන් මෙසේ තීරු බදු පැනවීමට තීරණය කළ බවයි.
තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය වන ඛණිජ වර්ග 7ක් සඳහා චීනය පසුගිය අප්‍රේල් මාසයේදී අපනයන සීමා පනවා තිබෙනවා.
එම ඛණිජ වර්ග 7ට අමතරව තවත් ඛණිජ වර්ග 5ක් සඳහා අපනයන සීමා දැඩි කරන බවයි චීනය පසුගියදා නිවේදනය කළේ.