ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව දැකබලා ගැනීමට ශ්‍රී ලංකා වාසින්ට එළඹෙන 14 වන දා හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.
ලබන 14 වන දින රාත්‍රී 9 න් පසුව උතුරු, නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජේ්‍යෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා සදහන් කළේ.
මෙම උල්කාපාත වර්ෂාව වසරේ දර්ශනීයතම උල්කාපාත වර්ෂාවෙන් එකක් බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.