ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
ඒ අම්බලන්තොට, මැලේ කොලනි ගම්මානයේ, මස්ජිදුල් අරූසියා ජුම්මා මස්ජිද් පරිශ්‍රයේදී යි.
බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණා.
ඉස්ලාම් ආගමික නායක මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය නිමිති කොට ගෙන මෙම ජාතික උත්සවය සංවිධාන කර තිබු අතර ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු සියලු ආගම්වලට අයත් ජනතාවගේ සහයෝගය සහ දායකත්වය ඊට හිමිවීම විශේෂත්වයක්.
2025 ජාතික මීලාද් – උන් – නබි සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වා තිබෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතික හා ඓතිහාසික වටිනාකම සම්බන්ධයෙන් සම්පාදනය කෙරණු “හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ ඉතිහාසය සහ වර්ධනය”ග්‍රන්ථයද මෙහිදී පිළිගැනුවුවා.