ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එම විශේෂ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනේ බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දීයි.
ජාත්‍යන්තර මව්කිරි දීමේ සතිය ලෙස සෑම වර්ෂයකම අගෝස්තු මස 1 සිට 7 දක්වා ප්‍රකාශයට පත්කර ඇති අතර එම සතියට සමාගාමීව මෙම මාසය ප්‍රකාශයට පත්කරීමට පියවර ගනු ලැබුවා .
මව්කිරි දීමේ වැදගත්කම, එම මාසය තුළ සිදුකරන ක්‍රියාකාරකම්, දැනුම හුවමාරු කර ගැනීම, පසුගිය වර්ෂයේ සිදුකල කාර්යන් පිළිබඳව කතිකා කිරීම, මව්කිරි දීම පිළිබඳව දස පිළිවෙතට අදාළව තම කාර්ය සාර්ථකව ඉටුකළ සෞඛ්‍ය වෘත්තිකයන් ඇගයීම, මෙන් ම තවත් වැඩසටහන් රාශියක් ඇතුළත් ව මෙම ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව පැවැත් වුණා.
මෙහි දී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මව්කිරි දීම ළදරුවාගේ මෙන් ම මවගේ ද සෞඛ්‍යට ඉතා වැදගත්වන වන බවත්, දරුවා සහ මව අතර ආත්මීය බැදීම තව තවත් ශක්තිමත් කිරීමටත් මව්කිරි දීම බෙහෙවින් ඉවහල්වන බවත් අවධාරණය කළා.