එළඹෙන 26 වනදා සිට ජූනි මස 01 වනදා දක්වා කාලය ජාතික ඩෙංගු මර්දන සතිය ලෙස නම් කර තිබෙනවා.
එම සතිය තුළදී දිස්ත්‍රික්ක 17ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන ඇත්තේ.
ඉදිරි මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම පාලනය සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවේ.
වසරේදී ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 22,943 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
එමෙන්ම ඩෙංගු වැළදීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 09ක්.