ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සිය පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ භේදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා බවටයි වාර්තා වන්නේ.
2024 ඔක්තෝබර් මාසයේ සිට බලයේ සිටින ඉෂිබා මහතා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය-කොමෙයිටෝ සන්ධානයකට නායකත්වය දෙනවා.
ඉෂිබා මහතාගේ සන්ධානයට පාර්ලිමේන්තුවේ පහළ සහ ඉහළ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම බහුතර බලය අහිමි වී ඇත්තේ බලයට පත් වූ දා සිට, ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ඡන්දදායකයින්ගේ කෝපය මධ්‍යයේයි.
එහි පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය 2024 ඔක්තෝබර් මාසයේදී සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය 2025 ජූලි මාසයේදී අහිමි ව තිබෙනවා.