ජපානයේ සුප්‍රකට ෆුජි කන්දට මෙවර ශීත ඍතුවේ පළමු වතාවට හිම තට්ටුවකින් වැසී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
1894 සිට මේ දක්වා සසඳන විට මෙවර හිම පතනය දින 21 කින් ප්‍රමාද වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ෆුජි කන්දේ හිම පතනය ප්‍රමාද වීම සිදුවී ඇත්තේ, ජපාන ඉතිහාසයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය වාර්තා කිරීමෙන් පසුව වීමද විශේෂත්වයක්.
ජපානයේ ෆුජි කන්ද මීටර් 3,776 ක උසකින් සමන්විතයි.
මේ වනවිට මෙම පළමු හිමපතනය දැකගැනීමට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් ජපානයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.










