ජපානයේ ප්‍රධාන බටහිර දූපතක් වන කියුෂු හි ගිනි කන්දක් පුපුරා ගොස් තිබේනවා.
එමඟින් කිලෝමීටර් 4.4 ක් ක් පමණ උසට දුමාරයක් සහ අළු වායුගොලයට නිකුත් වී ඇති බවයි වාර්තා වන්නේ.
කගෝෂිමා නගරය අසල කියුෂු හි දකුණු කෙළවරේ පිහිටා ඇති සකුරාජිමා ලෙස හඳුන්වන මෙම ගිනි කන්ද අලුයම එඅරට වේලාවෙන් 12.57 ට පමණ පුපුරා ගොස් තිබුණා .
ඉන් අනතුරුවද අලුයම 2:30 ට සහ පෙරවරු 8:50 ට පමණ තවත් පිපිරීම් දෙකක් සිදුව ඇති බවද විදෙස් ම්නාධ්‍ය වාර්තා කළා.
පසුගිය වසරේ ඔක්තෝබර් මස 18 වනදායින් පසු කිලෝමීටර 4 ක් හෝ ඊට වැඩි උසකට ළඟා වූ පළමු පිපිරීම මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සකුරාජිමා යනු ජපානයේ වඩාත් ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකක් වන අතර විවිධ මට්ටම්වල පිපිරීම් නිතර සිදු වනවා
2019 දී එය කිලෝමීටර 5.5 ක් තරම් ඉහළට අළු විසිවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.











