අවාර සමයේදී ද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතරයි.
අවාර සමය තුළ ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් අළෙවිකරණ ක්‍රමවේද භාවිතයෙන් ශ්‍රී ලංකා සංචාරක සන්නාමය ඉහළට ඔසවා තැබීම පිළිබදව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
සංචාරක කර්මාන්තයට අවශ්‍ය කුසලතා හා පුහුණුව ඇති කිරිමෙන් එම ක්ෂේත්‍රයේ මානව සම්පත වැඩිදියුණු කිරීම හා සංචාරක කර්මාන්තයට විදෙස් ආයෝජන ආකර්ෂණය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ.
සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර, එම කර්මාන්තය දියුණු කිරීම සඳහා දැනට සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමද සිදු කෙරුණා.
සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලු අංශ ඒකාබද්ධ කරමින් ජනාධිපති කාර්යාලය මූලික කරගත් ඒකකයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවයි එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කර සිටියේ..