ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද 10 පස්වරුවේ අත්සන් තැබුවා.
ඒ මෙම පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුවයි.
එහිදී පක්ෂව ඡන්ද 151ක් හිමිවූ අතර විපක්ෂව හිමිවූයේ එක් ඡන්දයක් පමණයි.
ඒ හේතුවෙන් ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වුනා.