කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
පිළියන්දල ප්‍රදේශයේ පිහිටි බෝඩිම් කාමරයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10ක්, ගංජා මිශ්‍ර චිප්ස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක් සමඟ අදාළ ජනප්‍රිය ටෙලි නාට්‍යය රංගන ශිල්පියා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචි වස අවුරුදු 26 සහ 28 යන වයස්වල පසුවන තිදෙනකු බවටයි වාර්තා වන්නේ.
කොළඹ සිට අනුරාධපුරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතා වෙත ලද තොරතුරක් අනුව පිළියන්දල නගර මධ්‍යයේ බෝඩිං කාමරයක් පරීක්ෂා කර තිබෙනවා.
අනතුරුව මෙම මත්ද්‍රව්‍ය සැකකරුවන්ට ලබාදෙන පුද්ගලයා පිළිබඳ ලද තොරතුරකට අනුව ඔහුගේ පිළියන්දල නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබියදී තවත් ගංජා මිශ්‍ර චිප්ස් ග්‍රෑම් 255 ක් හමු වූ බවට වාර්තා වනවා.
ඉන්පසුව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අදාළ මත්ද්‍රව්‍ය අවසන්වරට අත්අඩංගුවට ගත් සැකකරු විසින් ලබා දෙන බවත් එසේ ලැබෙන මත්ද්‍රව්‍ය කොළඹ සිට අනුරාධපුරයට කූරියර් සේවාවක් ඔස්සේ ප්‍රවාහනය කරන බවටත් තොරතුරු හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (17) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.














