ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේ. රේගු ක්‍රියාවලියේ පවතින සංකීර්ණතා හේතුවෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා වී තිබෙනවා. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, රේගු දෙපාර්තමේන්තුවේ ආයතනික ක්‍රියාවලිය ඩිජිටල්කරණයට මේ දක්වා ගෙන ඇති තාක්ෂණික විසඳුම් සහ එහිදී මතුව ඇති අභියෝග පිළිබඳද විශේෂ අවධානය යොමු වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. එහිදී ප්‍රධාන අභියෝගයක්ව පවතින නීති සංශෝධනය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර ආනයන සහ අපනයන නිවැරදිව වාර්තාගත කිරීම, බදු නිදහස් කිරීම්, ආදායම් නිවැරදිව හඳුනා ගැනීම වැනි අභියෝගවලට ඩිජිටල්කරණය මගින් ලබා ගත හැකි විසඳුම් සහ මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක්ව ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














