එළැඹෙන පෙබරවාරියේ දී මැද පෙරදිග සංචාරය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ සඳහා මැද පෙරදිග රටවලින් දැනටමත් ආරාධනා ලැබී ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
පසුගිය දා කළුතර බේරුවල ප්‍රදේශයේ පැවැති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ක්‍රමානුකූලව ශ්‍රී ලංකාව බොරතෙල් අපනයන කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි.
දැනට ඛනිජ තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම රටවල් සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් එය රජයන් අතර සහයෝගීතාවයෙන් යුක්තව සිදු කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
ඒ අනුව මෙම සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා ලබන මාසයේ දී මැද පෙරදිග සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි එහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.