විදුලි බිල වැඩි කිරීමට එරෙහි 69 ලක්ෂයේ ජනතා පෙත්සමට අත්සන් ලබා ගැනීම අද දිනයේත් සිදු කෙරෙන බව වෘත්තීය සහ සිවිල් සංගම් පවසනවා.
විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමය සඳහන් කළේ මීරිගම සතිපොළ පරිශ්‍රයේ සහ මහරගම සතිපොළ පරිශ්‍රයේ එය අද දිනයේ ක්‍රියාත්මක බවයි.
දුරුතු පොහොය යෙදුනු ඊයේ දිනයේ විහාරස්ථාන ආශ්‍රිතව බැතිමතුන්ගෙන් අත්සන් ලබා ගැනීම සිදු කෙරුනා. ඒ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කර තිබූ ඉල්ලීමකට අනුවයි.
විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව හැටනව ලක්ෂයේ මහජන පෙස්සම ට අත්සන් ලබා ගැනීම ජනවාරි දෙවෙනිදා පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුදබිමෙන් ආරම්භ කෙරුනා. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ජනතා වෛරී ලෙස කටයුතු කරන බවත් – විදුලිය ගාස්තු ඉහල දමන්නේ නම් විදුලිබිල්පත් ගෙවීමෙන් වැලකි සිටින බවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක ට එක්වෙමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










