2025 සාගර දින ජාතික වැඩසටහන ලබන 08 වැනිදා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් Colombo Port City හිදී පැවැත්වෙන බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2025 ජගත් සාගර දිනයේ තේමාව වන්නේ “අපි රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්නයි.
ජගත් සාගර දිනයට සමගාමීව ක්‍රියාකාරකම් රාශියක් පැවැත්වෙන බවත් එහිදී මූලිකවම ප්‍රදර්ශනයක් පැවැත්වෙන බවත් ඊට ප්‍රදර්ශන කුටි 35ක් පමණ ඇතුලත් බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.