එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මෙරට සංචාරයක නිරතවීමට නියමිතයි.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මෙම මස අවසානයේ හෝ ලබන මස මුල ඔහු දිවයිනට පැමිණෙනු ඇති බවයි.
2016 වර්ෂයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වනවා.