ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.
මෙවර ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ අනුව, එම උත්සවය අද උදෑසන 09.30ට ආරම්භ වීමට නියමිතයි.
1972 ජුනි මස 5 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ආරම්භ වූ මානව පරිසරය සුරකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමාරම්භක සමුළුවේදී ගත් තීන්දුවට අනුව වාර්ෂිකව පැවැත්වෙන ලෝක පරිසර දින සමුළුවට අදට වසර 53ක් සපිරෙනවා.