යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළෙන් තවත් මිනිස් සිරුරු 04 අදාළ අස්ථි කොටස් හමුවී තිබෙනවා.
මෙම සමූහ මිනිවළේ සිව්වන අදියර යටතේ සිදුකළ කැනීම් තුළින් මෙම සිරුරු කොටස් සොයාගත් බවයි කැණීම් නිලධාරීන් ප්‍රකාශ කළේ.
මේ වන විට එම මිනිවලේ කැනීම් තුළින් මිනිස් සිරුරු 115කට අදාළ අස්ථි කොටස් හමුවී තිබෙනවා.
මෙහිදී මිනිස් සිරුරු 102 කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බවයි සදහන් වන්නේ.
සමූහ මිනිවළ තුළ සිව්වන අදියරේ කැණීම් කටයුතු දින 15ක් සිදුකිරීමට නියමිතයි
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේයි එම කැණීම් සිදු කර ඇත්තේ.