21 වන චීන ජාත්‍යන්තර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය ඊයේ චීනයේ ශෙන්චෙන් නගරයේ දී අවසන් වුණා.
මෙම වසරේ ප්‍රදර්ශනය මගින් සංස්කෘතික නිෂ්පාදිත එක්ලක්ෂ විසි දහසකට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කර තිබුණා.
සංස්කෘතික කර්මාන්ත ආයෝජන සහ මූල්‍ය ව්‍යාපෘති 4,000කට අධික ප්‍රමාණයක් පිළිබඳ සහයෝගීතා සඳහා මෙහිදී එකඟත්වය ඇති කර ගෙන තිබෙනවා.
ප්‍රථම වරට ස්ථාපිත කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශන කලාපයට එම ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් මෙන්ම නැගී එන ව්‍යාපාර 60කට වැඩි සංඛ්‍යාවක නියෝජනයක් වාර්තා වුණා.
මෙවර ප්‍රදර්ශනයේ ජාත්‍යන්තරකරණය ද තවදුරටත් ඉස්මතු වී තිබෙනවා.