පසුගිය 31 වන දා ඝන දෙවි ප්‍රතිමානවන් හැටන් කොටගල කොමරෂල් වැවේ දිය කර හැරීමෙ උත්සවයක් හැටන් කොටගල නගරයේ උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.
විෂ්ව හින්දු පරිෂන් ශ්‍රි ලංකා පදනම මගින් මෙම ආගමික උත්සවය සංවිධානය කර ඇත.
ගණේෂ චතුරති උත්සවය නමින් හින්දු ආගමිකයන් හසුන්කව මෙම උත්සවයේදි කහ, ගොම සහ මැටි වලින් සාදන ඝණ දෙවි ප්‍රතිමාවන් කොටගල නගරයෙ සිට කොටගල කොමර්ෂල් වැව දක්වා පෙරහැරකින් වඩම්මවා චාරිත්‍ර ගණනාවකින් අනතුරුව ඝනපති ප්‍රතිමාවන් කොමරෂල් වැවේ දිය කරන ලදී.
හින්දු භක්තිකයන්ට ඝණ දෙවියන්ගේ ආශිර්වාදය ලබා දීම සදහා පැවති මෙම ආගමික උත්සවයට විදේශ රටවල සහ මෙරට හින්දු පූජකයන් ගණනාවක් සහ හින්දු භක්තිකයන් විශල පිරිසක් සහභගි විය.