රටවල් 30 ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ගෝලීය බෞද්ධ සමුළුව අනිද්දා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ආරම්භ වීමට නියමිතයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් දෙදිනක් පුරා මෙම සමුළුව පැවැත්වෙනු ඇති.
සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය එක්වයි මෙම සමුළුව සංවිධාන කර ඇත්තේ.
ඒ සඳහා ශ්‍රී ලංකාව, වියට්නාමය, ඇමරිකාව, ලාඕසය සහ බ්‍රසීලය ඇතුළු රටවල රැසක නියෝජිතයින් 171 දෙනෙකු සහභාගී වනවා.