නයිජීරියාවේ මධ්‍යම ප්‍රාන්තයේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 22 දෙනෙකු මිය ගොස් 130 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .
මෙලෙස කඩාවැටී ඇත්තේ ජෝස් ප්‍රාන්තයේ ශාන්ත ඇකඩමි නමැති පාසලේ ගොඩනැගිල්ලක් බවයි වාර්තාවන්නේ .
එම පාසලේ සිසුන් 1,000කට අධික පිරිසක් සිටින අතර සිසුන් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .
දින තුනක සිට අද හැලෙන ධාරානිපාත වර්ෂාව ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුවී ඇති බවයි එරට පොලිසිය පවසන්නේ .