මේ වනවිට ගොඩගැසී ඇති ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් ඉදිරි මාස 3 තුළදී මුද්‍රණය කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවට එක්වෙමින් එහි නිලධාරීන් සදහන් කළේ ආරක්ෂිත විශේෂාංග වැඩිදියුණු කර සකස් කළ නව රියදුරු බලපත්‍රය ද මෙම වසරේදී මුද්‍රණය කර නිකුත් කරන බවයි.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් මිලියනයක් ලබාගැනීමට ද සියලු කටයුතු සම්පාදනය කර අවසන් බව ද එහිදී ඔවුන් කාරක සභාවට දන්වා තිබෙනවා.
රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීම සඳහා අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රයක් සෑම පළාතකම ස්ථාපිත කිරීමට ද මෙහිදී කාරක සභා සභාපතිවරයා, නිලධාරීන්ට උපදෙස් ලබා දීමට කටයුතු කර තිබෙනවා.