ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හොරණ තක්ෂිලා විද්‍යාලයේ ක්‍රීඩාංගණය වෙත අද(25) උදෑසන හදිසියේම ගොඩ බස්වා තිබෙනවා.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම යානය එලෙස හදිසියේම ගොඩබැස්සවීමට කටයුතු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනේ මහතා පවසනවා.
අදාළ හෙලිකොප්ටර් යානය පුහුණු ගුවන් සැසියක් වෙනුවෙන් රත්මලාන ගුවන් කඳවුරෙන් අද උදෑසන ගුවන් ගත වී තිබෙනවා.
මේ අතර ගොඩ බැස්සූ හෙලිකොප්ටර් යානය ටික වේලාවක් නතර කර තැබීමෙන් අනතුරුව යළි රත්මලාන ගුවන් හමුදා කඳවුර බලා පියාසර කළ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.