මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 23 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
මියන්මාරයේ වත්මන් හමුදා රජයට එරෙහිව සටන් කරන ප්‍රබල බලකොටුවක් ලෙස සැලකෙන සගායිං ප්‍රදේශයේ මෙම ආරාමය පිහිටා තිබෙනවා.
එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝ මීටර 35ක් පමණ වයඹ දෙසින් පිහිටි මෙම නගරය පිළිබඳ හමුදා රජයේ විශේෂ අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම මියන්මාර හමුදාවට එරෙහිව මෙම ප්‍රදේශයේ කුඩා කණ්ඩායම් සටන්වදිනවා.
ඊට ප්‍රතිචාර ලෙස හමුදාව ජෙට් යානා යොදා ගනිමින් මෙම ආරාම ගොඩනැගිල්ලට බෝම්බ හෙලු බව කැරළි කණ්ඩායමක සාමාජිකයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙම ආරාමයේ 150කට වැඩි පිරිසක් නවාතැන් ගෙන සිටියා.
ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.