මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, මත්පෙති සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මොරටුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ලක්ෂපතිය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදීයි.
එහිදී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්, මත්පෙති 10000ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 86 මිලිග්‍රෑම් 330ක්, ජංගම දුරකතන 4ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල් රුපියල් 14000ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 34ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.