විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මීගමුව, කුරණ ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මීගමුව, කුරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක් පමණ වන සැකකරුවෙක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












