ඊශ්‍රායල නියෝග හමුවේ උතුරු ගාසා තීරයේ තිබූ අවසන් රෝහලේ ද කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහි වෛද්‍යවරයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, උතුරු ගාසා හි ජබාලියා ප්‍රදේශයේ පිහිටි අල් අවුදා රෝහලේ කටයුතු මෙලෙස නතර කර ඇති බවයි.
මේ සමග එම ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් සපයන කිසිදු ස්ථානයක් ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවද වාර්තා වනවා.
කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා විසින් ලබාදුන් නියෝග මත මෙලෙස එම රෝහලේ කාර්යය මණ්ඩලය ඉවත් වී ඇති බව වාර්තා වුවත්, ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.
මේ අතර ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවලියට මෙතෙක් හමාස් සංවිධානය එකඟතාව පළකර නොමැති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කලා.