සති 10කට අධික කාලයක සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආහාර සැපයීම අවහිර කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මේ හේතුවෙන් ළමුන් බොහෝ පිරිසක් මන්දපෝෂණයටද ගොදුරු වී ඇති බවයි වාර්තා වුනේ.
ගාසා තීරයේ වැසියන්ට දිනකට ආහාර ලබාගැනීමට හැකියාව පවතින්නේ එක් අවස්ථාවකදී පමණක් බව මේ පිළිබදව අදහස් දක්වමින් එම ප්‍රදේශයේ රෝහල්වල වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණා.
එමෙන්ම ගාසා තීරයට ඉන්ධන සහ ඖෂධ සැපයුමද, ඊශ්‍රාලය අත්හිටුවීමත් සමග එහි ජනතාවගේ පැවැත්ම දැඩි අභියෝගාත්මක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ඊශ්‍රායලය ගාසා තීරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇති බවයි ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.