ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම එරට වේලාවෙන් අද දහවල් 12 ට ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
මෙහිදී සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, ඊශ්‍රායල හමුදා එකඟ වූ ස්ථානයකට ඉවත් කිරීම සහ ඇතැම් පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම
සිදු වනවා.
මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ඊජිප්තුව, කටාර්, තුර්කිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදා සමඟ එක්සත් ජනපදය භට පිරිස් 200ක් මැද පෙරදිගට යවන බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත්, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට පෙර යුද්ධය අවසන් කිරීමේ “විධිමත් ප්‍රකාශයක්” කළ යුතු බවයි හමාස් සංවිධානය පවසන්නේ.