කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ වාද්දුව ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය අද රාත්‍රී 7 සිට අලුයම 1 දක්වා සීමා කිරීමක් සිදු කෙරෙන බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ වාද්දුව තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ විහාරස්ථානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන දළදා පෙරහැර අද(13) වීථි සංචාරය කරන බවයි.
මෙම පෙරහැර අලි ඇතුන් ඇතුළු නර්තන කන්ඩායම්වලින් සමන්විත අංග 100කට ආසන්න ප්‍රමාණයක් පෙළගස්වා ඇති අතර පෙරහැර නැරඹීම සඳහා විශාල බැතිමතුන් පිරිසකගේ පැමිණීම අපේක්ෂා කරන බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
එම නිසා අද(13) රාත්‍රී 7 සිට අලුයම 1 දක්වා වීථි සංචාරය කරන කාලය තුළ වාද්දුව පොලිස් වසමේ කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් විකල්ප මාර්ග අනුගමනය කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
පොලිසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.