ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අද පෙරවරු 8.00 සිට හෙට පස්වරු 2.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත් වැඩියාවක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.
බෝපේ, පෝද්දල, අක්මීමන සහ රත්ගම යන ප්‍රදේශ සදහා මෙම ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත් අහංගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජල සැපයුම සිදුවන බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
ජල සැපයුම අත්හිටුවීමෙන් සිදුවන අපහසුතාවයන් පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උණුසුම් පුවත්
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
- අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
- වසරේ මුල් දින 19ට රිය අනතුරු මරණ 120ක්
- රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් හදුන්වා දීමට සැලසුමක්
- ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්රතිලාභ ක්‍රමයක්
- අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති අතර හමුවක්













