ග්ලේන් මැක්ස්වෙල් එක් දින පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
36 හැවිරිදි මැක්ස්වෙල්, එක්දින තරග 149කට ක්‍රීඩා කර තිබෙනවා.
ඔහු එක්දින දිවියේ ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ නොදැවුණු ලකුණු 201ක්.
එක්දින ලකුණු 3990ක් ලබා ඇති මැක්ස්වෙල් කඩුලු 77ක් දවාගෙන තිබෙනවා.
ලකුණු 40කට කඩුලු 04ක් බිඳ දැමීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වනවා.
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ප්‍රවේගකාරී ම සහ හඹා ගොස් තරගයක ජය – පරාජය වෙනස් කළ හැකි ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ඔස්ට්‍රෙලියානු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසයි ග්ලේන් මැක්ස්වෙල් සැළකෙන්නේ.
නමුත් තමන් පන්දුවාර 20 ක්‍රීඩා ආකෘතියෙහි රැඳී සිටින බව ඔහු සඳහන් කර තිබෙනවා.
ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කරන්නේ ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා මැක්ස්වෙල් රැඳී සිටිනු ඇති බවයි .
36 හැවිරිදි මැක්ස්වෙල්, එක්දින තරග 149කට ක්‍රීඩා කර තිබෙනවා.