කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
තැබීමෙින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මහවත්ත ඔරලෝසු කණුව අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබුණා.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වුනේ.
මේ අතර මරදාන ප්‍රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
අද අලුයම 1.40ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වුනේ.
පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














