ග්‍රාම නිලධාරිනියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පුත්තලම ප්‍රාදේශීය සබාවේ මන්ත්‍රීවරයෙකු මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 5 වනදා තමන් ආපදා රාජකාරී කටයුතු සඳහා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී අදාළ මන්ත්‍රීවරයා පැමිණි කුඩා ලොරි රථයක ගැටී අනතුරක් සිදු වූ බවත් එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා තමන්ට බැන වැදුණු බවත් ග්‍රාම නිලධාරිනිය පොලිසියට පවසා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තමන් මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත්කළ බවද ග්‍රාම නිලධාරිනිය පවසනවා.
ඇය වැඩිදුරටත් පොලිසියට පවසා ඇත්තේ පසුගිය 8 වනදා පැවැති ආපදා කමිටු රැස්වීමෙන් පසුවද අදාළ මන්ත්‍රීවරයා තමන්ට දුරකථනයෙන් කතාකර බැන වැදුණු බවයි.
ලද පැමිණිල්ල සඳහා සිදු කළ කැඳවීමක් අනුව මන්ත්‍රීවරයා අද(26) පෙරවරුවේ මුන්දලම පොලිසියට පැමිණ ඉදිරිපත් වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













