දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා ගනිමින් එහි ප්‍රතිලාභ නියමිත කාලය තුළ ජනතාවට ලබා දීම අදාළ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
යම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළ විට එය අවසන් කරන දිනය දක්වා ඉලක්කගත සැලැස්මක් ඔවුන් සතුව තිබිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මොනරාගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින්.
මොනරාගල දිස්ත්‍රික්කය තුළ 2025 වසරට අදාළව විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණා.
ජනතාවට අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මුදල් වෙන් කිරීමට සූදානම් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරය සතු මුදල් ගමට ගලා යාමට නම් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති වේගවත් කළ යුතු බවද පෙන්වා දුන්නා.
කොටියාගල, කැබිලිත්ත රක්ෂිතයේ මායිම් ලකුණු කිරීම හේතුවෙන් ගොවි බිම් අහිමි වූ ගොවීන්ගේ ගැටලුව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණා.
ගොවීන්ගේ වගා බිම් ආශ්‍රිත ගැටලු විසඳීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.
දිස්ත්‍රික්කයේ විවිධ රාජ්‍ය ආයතනවල පවතින පුරප්පාඩු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා.
මෙම වසරේ රාජ්‍ය සේවයට අලුතින් 62,000ක් බදවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බවත්, අවශ්‍යතාව පරිදි එය ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කළා.
උණුසුම් පුවත්
- පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
- ජපාන අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි
- වතු කම්කරුවන්ට ඉඩම් දෙන්න කැබිනට් පේපර් එක දාලා තියෙන්නේ
- රිටිගල රක්ෂිතයට බලෙන් රිගන්න හැදූ හිමි නමක් කාන්තාවක් පහක් ඇතුළු 10ක් අත්අඩංගුවට
- සිය සැමියා අමානුෂිකව ඝාතනය කළ බිරිඳ පොලිසියට
- වාහන සම්බන්ධ නීතිය හෙට සිට දැඩි වෙයි
- ඇල්ල බස් රථ අනතුරින් දිවි අහිමිවූවන්ට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායක එක්වෙයි
- සිම්බාබ්වේ පැරදූ ශ්‍රී ලංකාවට 2-1ක තරගාවලි ජයක්