මාතර තණමල්විල මාර්ගයේ විශාල ප්‍රමාණයේ ගස් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක්, බස් රථයක් සහ වෑන් රථයක් මතට මෙම විශාල ගස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ගස කඩා වැටීම නිසා එම රථ වාහනවලට දැඩි හානි සිදුව ඇති බවද වාර්තා වනවා.
ගස කඩා වැටීමෙන් යතුරු ප ැදියෙන් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවත් තුවාලකරුවන් තණමල්විල රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්.
එහිදී බරපතල තත්ත්වයේ පසු වූ පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.