ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජුලි මස 7 වැනිදා පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උපපොළ මගින් විදුලිය බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එසේම එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ එළැඹෙන සඳුදා දිනයේ පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා පැය 12ක කාලයක් මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි.
එලෙස ජල සැපයුම අත්හිටුවෙන ප්‍රදේශ වන්නේ පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදූව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, මිනුවන්ගෝ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය බලප්‍රදේශයේ කොටසකයි.