තිරප්පනය වනජීවී බල ප්‍රදේශයේ ඉඳිගහවැව ගම්මානයේ නිවසකට පැමිණි කිඹුලකු ප්‍රදේශවාසීන් අල්ලා ගස්ක බැඳ තිබෙනවා.
නිවසට පැමිණි කිඹුලකු අල්ලා ගෙන සිටින බවට තිරප්පනය වනජීවී කාර්යාලයට දැනුම්වත් කිරීමටද ගම්වාසීන් කටයුතු කර තිබෙනවා.
අද (17) අලුයම 2.00 ට පමණ ගස් බැඳි කිඹුලා රැගෙන යාමට පස්වරු 12.00 පසු වූවත් වනජීවි නිලධාරීන් නොපැමිණි බවට ගම්වාසීන් චෝදනා කරනවා.
මෙම ප්‍රදේශයේ වැව්වල කිඹුලන් නොමැති බවත්, හදිසියේම නිවෙස් වෙත මෙලෙස කිඹුලකු පැමිණි පසු අල්ලා ගත් බවද ඔවුන් පවසනවා.
ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ තම ගම්මානයට වන අලි පැමිණි විටද තිරප්පනය වනජීවී නිළධාරීන් මේ ආකාරයෙන් නොපැමිණෙන බවයි.
මේ සතා මියයාමට පෙර රැගෙන යන ලෙස ගම්වාසහූ ඉල්ලා සිටිනවා.













