රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අලෙවි කිරීමට උත්සාහ කළ ගජමුතු තුනක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුගස්තොට පොලිසිය විසින්.
මෙලෙස අත්අඩංගුවට ගෙන අත්තේ උහන, හමිදුරාව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරුවෙකි.
ගජමුතු තුනක් අලෙවි කිරීමට උත්සාහ කරන බවට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ අවන්හලකට උපායශීලිව ගෙන්වා ගෙන උපාය දූතයෙකු යොදවා එය මිලදී ගන්නා මුවාවෙන් සැකකරු සහ ගජමුතු තුන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුට මෙම ගජමුතු තුන ලැබුණු ආකාරය මෙතෙක් පොලිසියට අනාවරණ වී නොමැති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.