දැදුරු ඔය ද්‍රෝණියේ ගංවතුර අවදානමක් සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව කියා සිටියේ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍යම ප්‍රදේශවලට ඇද හැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වී ඇති බවයි.
එසේම දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බවත් මේ වන විට තත්පරයට ඝණ අඩි 16250ක් තරම් සීග්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ජලාශයට ලැනෙ ජල ධාරිතාව අනුව මෙම ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩි කිරීමට සිදුවිය හැකි බවයි.
එම තත්ත්වය මත දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශී ලේකම් කොට්ඨසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රවේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.