නුවරඑළිය ප්‍රදේශයට පසුගිය දින ඇදහැලුණු අධික වැසි හේතුවෙන් නුවරඑළිය කඳපොළ ප්‍රදේශයේ පහත්බිම්වල වගා කර තිබූ එළවළු වගාව වැසි ජලයෙන් සහ රොන්මඩවලින් වැසී යාම හේතුවෙන් අස්වැන්න නෙළීමට ආසන්නව තිබූ එළවළු වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ලීක්ස්, කැරට්, ගෝවා වැනි එළවළු වර්ග මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
එසේම එම එළවළු වගා භූමිවලට වැලි රොන්මඩ සහ අපද්‍රව්‍ය ගලාගෙනවිත් තැන්පත්වීම නිසා එම භූමියේ සාරවත් භාවය අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එළවළු වගාව සිදුකරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවයි පීඩාවට පත් ගොවීන් පවසන්නේ.
පවත්නා තත්ත්වය මත එළවළු කොටුවල කම්කරුවන් සේ සේවය කරමින් තම ජීව උපාය සිදුකරගෙන ගිය කම්කරුවන් විශාල පිරිසකට රැකියා අහිමි වීම නිසා එම ජනතාවද දැඩි ලෙස පීඩාවට පත්වී තිබෙනවා.
පවත්නා තත්ත්වය මත රට තුළ එළවළු මිල විශාල ලෙස ඉහළ යා හැකි බවයි එම වෙළෙඳුන් කියා සිටියේ.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














