ස්පාඤ්ඤයේ ගිනිකොණදිග ප්‍රදේශයට බලපෑ වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 205 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, ගංවතුර තත්ත්වයේ බලපෑම හමුවේ අතුරුදන්ව ඇති පුද්ගලයින් ගලවාගැනීම් සඳහා මේ වනවිට යොදවා ඇති ආරක්ෂක භට පිරිසට අමතරව තවත් භටයන් 500ක්, සහ ඩ්‍රෝන යානා කිහිපයක් ද යොදවා ඇති බවයි.