ගංජා පැල හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඇතිමලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(04) ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී වගා කරන ලද ගංජා පැල 31ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 31 සහ 34 වයස්වල පසුවන කොටියාගල සහ ඇතිමලේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
ඇතිමලේ පොලිසියේ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












